Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටක් අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් ඍජු බදු ගෙවිය යුතුයි; ලංකාවේ 2%ක්වත් ගෙවන්නේ නැ – මනූෂ

රටක් අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් ඍජු බදු ගෙවිය යුතුයි; ලංකාවේ 2%ක්වත් ගෙවන්නේ නැ - මනූෂ

රටක් අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් ඍජු බදු ගෙවිය යුතුයි; ලංකාවේ 2%ක්වත් ගෙවන්නේ නැ - මනූෂ

ලෝක බදු ප්‍රතිපත්තියට අනුව රටක් අවම වශයෙන් 10%ක ප්‍රමාණයක් ඍජු බදු ගෙවිය යුතු වුවද ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2%ක ප්‍රමාණයක්වත් ඍජු බදු නොගෙවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, (08) පාර්ලිමේන්තුවේදීය.

රටේ මිලයන 22ක ජනගහනයෙන් ලක්ෂ 4ක ප්‍රමාණයක් පමණක් ඍජු බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බව මනූෂ නානයක්කාර ප්‍රකාශ කළේය.

“හොඳටම බදු ගෙවනවා කියන කෙනත් කියන්නේ සියයට 75%යි. දළ ජාතික නිෂ්පාදනයට අනුව අපේ බදු ප්‍රතිශතය ඉතාමත්ම අඩුයි. මේක වැඩි කරගන්න අපේ යම් ක්‍රමවේදයක් හදාගන්න ඕන. මේක ආරම්භ කරන්න ඕන කොතනින් හරි. ඒ නිසා තමයි අපි කියන්නේ බදු දැල පුළුල් කරලා, ඍජු බදු වැඩි කරලා, වක්‍ර බදු අඩු කරන ක්‍රමවේදයකට යන්න ඕන කියලා.”

Exit mobile version