Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් සහ ආයතන 44කට අධික සංඛ්‍යාවකින් රු. ට්‍රිලියන 6කට අධික මුදලක් ණයට අරන්

අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් සහ ආයතන 44කට අධික සංඛ්‍යාවකින් රු. ට්‍රිලියන 6කට අධික මුදලක් ණයට අරන්

අවුරුදු 10ට ලංකාව රටවල් 18කින් සහ ආයතන 44කට අධික සංඛ්‍යාවකින් රු. ට්‍රිලියන 6කට අධික මුදලක් ණයට අරන්

ශ්‍රී ලංකාව පසුගිය දස වසර ඇතුළත රුපියල් ට්‍රිලියන 6කට අධික මුදලක් (6,561,499,730,580) එනම් අමෙරිකානු ඩොලර් බිලියන 41කට අධික මුදලක් (41,668,201,606) ණය ලෙස විදේශ රටවල් 18ක් හා ආයතන 44කට අධික සංඛ්‍යාවකින් ලබා ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශය විසින් අස්සන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති ණය, ස්වෛරිත්ව බැඳුම්කර හා විදේශ විනිමය කාලීන ණය පහසුකම් යටතේ 2012 ජනවාරි 01 වනදා සිට 2022.06.30 දක්වා කාලය අතර මෙම මුදල් ලබා ගෙන ඇති අතර මේ ගිවිසුම් සඳහා රජයේ පාර්ශවය වෙනුවෙන් ඒ ඒ වර්ෂයට අනුව භාණ්ඩාගාර ලේකම්වරු හය දෙනෙකු අස්සන් කර ඇති බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනතින් ‘මව්බිම’ අයැදුම් කළ තොරතුරු මගින් මේ බව අනාවරණය විය.

එසේම, මධ්‍යම රජයේ විදේශ ණය ලෙස ගෙවීමට එකතු වී තිබුණු ණය ප්‍රමාණය 2022 අප්‍රේල් 12වැනි විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 34,851.1ක් බවත් එය රුපියල්වලින් බිලියන 12,546,396,000ක් බවත් මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සම්පත් මන්ත්‍රීනායක පැවසීය. එම මුදල් ප්‍රමාණයට වාර්ෂිකව අයකරන පොලිය, මේ වන විට ගෙවා ඇති මුදල් ප්‍රමාණය හා ගෙවීම් පැහැර හරින ලද වාරික සංඛ්‍යාව හා මුදල් ප්‍රමාණය කොපමණද යන්න ‘මව්බිම’ කළ විමසීමේදී, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රජය පත් කර ඇති උපදේශකයන් වෙතින් උපදෙස් ලැබෙන තෙක් මේ තොරතුරු ලබාදිය නොහැකි බව ත් ඒ ඒ ණය සඳහා නීති හා ණය උපදේශන සේවාවන්ගේ සහය ලබාගැනීම සඳහා කටයුතු කර ඇති බවත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

– mawbima.lk

Exit mobile version