Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැ; වැඩ කරන්න බැරි නම් වහාම ඉවත්ව යන්න – ජනපති

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

ජනපතිගෙන් පරීක්ෂණයකට විශේෂ නියෝගයක්

පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින්.

බෙදී සිටී කාලය දැන් අවසන් බැවින් සියලු දෙනා එක්ව රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගතයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් යැයි දප්‍රකාශ කළා.

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඓතිහාසික අනුරාධපුර පුද බිම ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරිමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කරන බවත්, එම කටයුතුවලදී විදෙස් උපදේශන සේවා ලබා ගැනීමටද අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබෙනවා.

Exit mobile version