Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා – ෂානක්කියන්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමි; සියලු පාර්ශ්වවලට පිළිගත හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දෙනවා - ෂානක්කියන්

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පෝරා ප්‍රජාව සූදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය අභිප්‍රේරණයක් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පැවසීය.

සියලුම පාර්ශ්ව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම්, දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හා සමගි ජන බලවේගය සමග දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දුන්නා. ඔහුට අපි ඡන්දය ලබාදුන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින්.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් රටේ ආර්ථිකය නිවැරදි මගට ගෙන ඒම අපට තිබුණු එකම විසඳුම වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දී ඔහු ජනාධිපතිවරයා බවට පත් කළා. අවම පිටතින් අගමැතිවරයෙකු පත් කරනු ඇතැයි කියා මම සිතුවා. නමුත් එහෙම වුණෙත් නැහැ. පවතින අමාත්‍ය මණ්ඩලය දෙස බැලූ විට පේන්නේ පැවැති ආණ්ඩුව වගේමයි. වැඩි වෙනසක් දකින්නේ නැහැ.

මෑතකදී අපි ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න අපි ඉදිරිපත් කළා. එහිදී අපි ඉතා පැහැදිලිව පැවැසුවේ සියලු පාර්ශ්වවලට පිළිගත හැකි ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි.”

Exit mobile version