ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදීද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.
75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.