Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ ගවයින්ට පොක්ස් වයිරසයකින් චර්ම රෝගයක්

ඉන්දියාවේ ගවයින්ට පොක්ස් වයිරසයකින් චර්ම රෝගයක්

ඉන්දියාවේ ගවයින්ට පොක්ස් වයිරසයකින් චර්ම රෝගයක්

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ගවයින් අතර චර්ම රෝගයක් පැතිර යන බව වාර්තා වනවා. රෝගය ආසාදනය වූ ගවයින් මියයෑමේ සම්භාවිතාවක්ද පවතිනවා. ගැටිති චර්ම රෝගය ලෙස හැදින්වෙන මෙම රෝගය ආසාදනයවීමෙන් පසු එම ගවයින්ගේ සමෙහි කුඩා ගැටිති හටගැනීමක් සිදුවනවා.

මෙම රෝගය ඇතිවන වයිරසය පොක්ස් වයිරස කාණ්ඩයට අයත්වන බවද සදහන්. මෙම වයිරසය අප්‍රිකානු රටවල ගවයින් අතර බහුලව දක්නට ලැබෙන බවයි ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ.

එය පළමුවරට දකුණු ආසියාවෙන් වාර්තා වූයේ 2019 වසරේ දී වන අතර බංග්ලාදේශය හා ඉන්දියාව යන රටවල මේ වනවිට ව්‍යාප්තව පවතිනවා.

මදුරුවන් – මකුනන් ආදී පරපෝෂිතයින්ගෙන් මෙය ව්‍යාප්ත වන බවද සඳහන්.

Exit mobile version