Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු 8ක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු 8ක් සඳහන් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විව්ටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම එක් හේතුවක් බවය.

එමෙන්ම, රුපියල අවප්‍රමාණය වීම මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අය විය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300ක් සහ ලංකා විදුලි බල මණ්ඩලයෙන් අය විය යුතු මුදල රුපියල් බිලියන 60ක් වීම ඊට හේතු ලෙස අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මූල්‍ය තත්ත්වය හේතුවෙන් ඉහළ ණය වාරික, නැව් සමාගම් වෙත සිදු කරන ප්‍රමාද ගාස්තු සහ බැංකු පොලීද ඊට හේතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අතිරික්ත සේවක සංඛ්‍යාව, අකාර්යක්ෂම සහ අනවශ්‍ය ලෙස ඉහළ වැටුප් ලබන සේවකයින්, 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ 25% වැටුප් වර්ධක, තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පැවතීම සහ ඉහළ බෙදාහැරීමේ පිරිවැය ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට හේතු වී ඇති බවය.

Exit mobile version