Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්මන් අර්බුදයට විනිවිද භාවයක් නොපෙනෙන ණය ලබාගැනීම ප්‍රධාන සාධකයක් – සමන්තා පවර්

වත්මන් අර්බුදයට විනිවිද භාවයක් නොපෙනෙන ණය ලබාගැනීම ප්‍රධාන සාධකයක් - සමන්තා පවර්

වත්මන් අර්බුදයට විනිවිද භාවයක් නොපෙනෙන ණය ලබාගැනීම ප්‍රධාන සාධකයක් - සමන්තා පවර්

යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විනිවිද භාවයක් නොපෙනෙන ණය ලබාගැනීම ශ්‍රී ලංකාව ගිලී ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති සාධක අතර, ප්‍රධාන වන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඇය මේ බව ප්‍රකාශ කර තිබුණේ (27) ඉන්දියාවේ පැවති දේශනයකට එක් වෙමින්.

එසේම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට ඉන්දියාව කඩිනමින් දැක්වූ ප්‍රතිචාර අගය කරන බවද ඇය එහිදී ප්‍රකාශ කළ බවද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ.

පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇත්තේ චීනය බවත්, විනිවිද නොපෙනෙන එම ණයවල පොලී අනුපාත ඉහළ අගයක් ගත් බවත් පවර් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. එසේම පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වැඩි සහන ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම්වලට චීනය පිළිතුරුදී නොමැති බවත් ඇය එම දේශනයේදී පෙන්වාදී ඇති බව සඳහන්.

2022දී එක්සත් ජනපදය හදිසි මූල්‍ය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 180ක් ලබාදුන් බවත්, ඉන්දිය රජය දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 16ක මානුෂීය ආධාර ලබාදී ඇති බවත් සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. එසේම අනාගත ආහාර හිඟය මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාවේ ගොවීන්ට උපකාර කිරීම සඳහා පොහොර ලබාදීම සහ ශ්‍රී ලංකා රජයට ණය රේඛාවක් ලෙස ඩොලර් බිලියන 3.5ක් ලබාදීම ගැනත් සමන්තා පවර් මහත්මිය ඉන්දියාවට ස්තුතිය පළ කර තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එසේම, ඉදිරි මාසවලදී ගෝලීය ආහාර අනාරක්ෂිතභාවයට පත්වන දේශපාලන තත්ත්වයන් ගැන අදහස් දක්වමින් සමන්තා මහත්මිය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, පළමුවෙන්ම කඩා වැටුණේ ශ්‍රී ලංකාව බවයි. ඊට අමතරව තවත් රටවල් 17ක් පමණ මෙම තත්වයට මුහුණ දෙමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ.

Exit mobile version