Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්රෝ ගෑස් සමාගමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රිට් පෙත්සමක්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා අඩුම ලංසුවට ගෑස් මිලදී ගැනීමට බලකරමින් ලිට්රෝ ගෑස් සමාගමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණය හමුවේ (12) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්, එහි අධ්‍යක්ෂ මණඩලය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුවේ ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසකි.

වගඋත්තරකාර සමාගම ගෑස් මිලදී ගැනීමට ඉදිරිපත් වූ ටෙන්ඩර්කරුවන්ගෙන් අඩු ලන්සුව ඉදිරිපත් කර තිබූ අයගෙන් එය ලබානොගෙන වැඩි ලංසුව ඉදිරිපත් කළ ‘ඇක්ටිව්’ නමැති සමාගමකින් ගෑස් මෙට්්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 129කට මිලදී ගැනීමට තීරණය කර තිබූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

මෙය පාරිභෝගිකයන්ට සිදුකළ අසාධාරණයක් බැවින් මෙම මෙත්සම විභාගයට ගෙන මෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ ටෙන්ඩරය මිලදී ගැනීමට අදාළ තීරණය බලරහිත කරන ලෙසත්, අඩු ලංසුවට ඉදිරිපත් කළ ටෙන්ඩරය ලබාගැනීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් නියෝග නිකුත් කරන ලෙසට පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

Exit mobile version