Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා – මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන්

රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා - මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන්

රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා - මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට පැමිණීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන් ප්‍රකාශ කර තිබේ. ඇය උපුටා දක්වමින් අල් ජසීරා මේ බව වාර්තා කර ඇත.

“ඇත්ත වශයෙන්ම අපි රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා,” හිටපු විදේශ අමාත්‍ය සහ හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයුම්ගේ දියණිය වන දුන්යා මවුමූන් අල් ජසීරා වෙත ප්‍රකාශ කර තිබේ.

“රාජපක්ෂ මහතා ඔහුගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ සිටිය යුතු යැයි මම සිතනවා. සිදු වූ සෑම දෙයකටම ඔහු වගකිව යුතු යැයි මම කියන්නේ නැහැ. නමුත් ඔහු ආර්ථික අර්බුදය ඇති වීමට විශාල වශයෙන් දායක වුණු අතර ඔහුට එරෙහිව තවත් බරපතළ චෝදනා තිබෙනවා. වැරදිකරුවන් බව ඔප්පු වන තුරු සෑම කෙනෙකුම නිර්දෝෂී බව මම දන්නවා. නමුත් යුක්තිය ජයගත යුතුය.”

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රටක් කඩාවැටීමට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කර පසුව යුක්තිය මගහැර පළායා නොහැකි බවය.

Exit mobile version