Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඔබටත් මටත් අග්‍රාමාත්‍ය ධුර පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැ”- අනුරගෙන් රනිල්ට සැර ප්‍රකාශයක්

"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැ"- අනුර රනිල්ට

"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැ"- අනුර රනිල්ට

“මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී (05)පැවසීය.

“අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වත්. රනිල්, ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක් වත් නැහැ, යනුවෙන්ද අනුර දිසානායක මහතා කීය.

එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය ධුරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

අනුර දිසානායක මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අනුර දිසානායක මහතා පැවසූයේ “ඔබ ගැන සාමාන්‍යයෙන් පුවත්පත්වල මාධ්‍ය වාර්තා ලියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ගුණ ගැනයි. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම වලට ඒක කොහොමද ගැළපෙන්නේ. ඔය පුටුවෙ ඔබ ඇඹලයෙක් ලෙස ඇලී ගැලී නැගී සිටින්නට සූදානම් නම් අන්න ඒකට මම විරුද්ධයි, යනුවෙනි.

දශක ගණනාවක් ගමන් කරන ආර්ථිකයේ බිහිසුණු තත්ත්වය මාස හයෙන් හතෙන් කාටවත් ගොඩ නගන්න නොහැකි යැයිද නමුත් තෙල්, ගෑස්, ඖෂධ ලබාදීම, පාසල් විවෘත කිරීම, රාජ්‍ය ආයතන විවෘත කිරීම, කර්මාන්ත ශාලා විවෘත කිරීම, ධීවරයන්ට මුහුදු යන්න අවස්ථාව දීම, ගොවීන්ට කුඹුරට බැසීමට ඉඩ හැදීම වැනි සාමාන්‍ය දේවල් මාස හයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බවද අනුර දිසානායක මහතා කීය.

මාස හයෙන් පසු මැතිවරණයකට යමු යැයි කියන්නේ අර්බුදයෙන් ගොඩ එන්නට විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍ය නිසා බවද මේ ආණ්ඩුවට ස්ථාවර පාලනයක් නැතැයිද අනුර දිසානායක මහතා පැවසීය.

Exit mobile version