Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 16කින් එකක හෝ සාර්ථක නෑ; වාර්ෂික උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් – මහාචාර්ය ස්ටීව් හෑන්ක්

රනිල් රාජපක්ෂ ක්ලෝනයක්; රනිල්ගේ වත්කම් විගණනය කළ යුතුයි - මහාචාර්ය ස්ටීව් හෑන්ක්

රනිල් රාජපක්ෂ ක්ලෝනයක්; රනිල්ගේ වත්කම් විගණනය කළ යුතුයි - මහාචාර්ය ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් නැවතත් අවධාරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව IMF වැඩසටහන් 16කට සම්බන්ධ වී තිබුණද ඉන් එකක් හෝ සාර්ථක නොවූ බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

මේ අතර, ජූනි මාසයේ දින 30ක කාලය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට පසුව අවම මට්ටමක දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සටහනේ පෙරමුණට පැමිණ ඇත්තේ උද්ධමනය සියයට 117ක් ලෙස සටහන් කරමින් බව මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වාදී ඇත.

Exit mobile version