Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි – විදුලි බල මණ්ඩල

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි - විදුලි බල මණ්ඩලයේ නිවේදනය

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි - විදුලි බල මණ්ඩලයේ නිවේදනය

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට කැප වන බවද මණ්ඩලය පවසයි.

Exit mobile version