Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට නිල සංචාරයකට සෙරසැයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් මෙරට සිව්දින නිල සංචාරක නිරත වීමට නියමිත බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ඔවුන් (26)වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ආසියාව සඳහා වන ඇමරිකානු නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා සහ දකුණු හා මධ්‍යම ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා ද එම දූත පිරිස අතර සිටින බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Exit mobile version