Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරගල භූමියෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කරුණු 8ක ඒකාබද්ධ ප්‍රකාශයක්

නව ජනාධිපති සඳහා නාමයෝජනා දීමට රනිල් සහභාගි නොවිය යුතුයි - අරගල භූමියේ සංවිධායකවරු

නව ජනාධිපති සඳහා නාමයෝජනා දීමට රනිල් සහභාගි නොවිය යුතුයි - අරගල භූමියේ සංවිධායකවරු

කොළඹ ගාලුමුවදොර පිටියේ මහජන විරෝධතා නියෝජිතයින් පිරිස සිය ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

‘අරගලය’ ඒකාබද්ධ ප්‍රකාශය, විරෝධතාවට සහභාගී වන සියලුම කණ්ඩායම්වල අදහස් නියෝජනය කරන කරුණු 8 කින් යුත් ඉල්ලීම් ලැයිස්තුවකින් සමන්විත වේ. එහි සාරාංශය අරගල නියෝජිත කණ්ඩායම (13) මාධ්‍යවේදීන් දැනුවත් කළ අතර, ජනතා හඬට අවනත වී කඩිනමින් ක්‍රියා කරන ලෙසද නව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම් පහත පරිදි වේ:

1) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි
2) අමාත්‍යවරුන් 15 දෙනෙකුට සීමා වූ අතුරු ආණ්ඩුවක් මාස 18ක කාලයක් පවත්වා යායුතුය.
3) 20 වැනි සංශෝධනය අහෝසි කිරීම සහ නව 21 වැනි සංශෝධනය ගෙන ඒම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය සංශෝධන විය යුතුය.
4) ආර්ථික අර්බුදය මත අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සහන අයවැයක් ගෙනා යුතු අතර ජනතාවට සමාජ ආරක්ෂණ ජාලයක් ගෙනා යුතුය.
5) වත්මන් මහජන නියෝජත වත්කම් සියල්ල නිසි විගණනයකට ලක් කළ යුතුය.
6) මහජන නියෝජිතයින්ගේ මූල්‍ය සහ අනෙක් සියලුම අපරාධ පිළිබඳ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ සිදුවිය යුතුය.
7) සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වන ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුය.
8) සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්විය යුතුය.

Exit mobile version