Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ජනතාවගේ නැඟී සිටීමට නිවැරැදි දේශපාලන නායකත්වයක් මෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි – අනුර

රටේ ජනතාවගේ නැඟී සිටීමට නිවැරැදි දේශපාලන නායකත්වයක් මෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි - අනුර

රටේ ජනතාවගේ නැඟී සිටීමට නිවැරැදි දේශපාලන නායකත්වයක් මෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි - අනුර

මේ වන විට ශ්‍රී ලංකාව අරගල භූමියක් බවට පත් වී තිබෙන බවත්, එහි දී ප්‍රචණ්ඩකාරී තත්ත්වයට නොගොස් රට ගෙනයාම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට ද විශේෂ වගකීමක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහාමාර්ගයේ පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අමතමිණි.

වත්මන් රජයේ මුල්පුරුක් තබාගෙන සර්ව පාක්ෂික හෝ අන්තර්වාර පාලනයකට ජනතා විමුක්ති පෙරමුණ නොයන බවද මෙහිදී ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා රටේ පවතින අර්බුධය විසඳීම සඳහා පළමුව පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳා ගත යුතු යයිද කීය.

නව පාලනයක් ගොඩනඟා ගැනීම සඳහා කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රටේ ජනතාව විපතට පත්වන විට ජනතාව ඉන් මුදා ගැනීමේ වගකීමක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙන බවද පැවසීය.

රටේ ජනතාවගේ නැඟී සිටීමට නිවැරැදි දේශපාලන නායකත්වයක් මෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් මෙම අවස්ථාවේ අවශ්‍ය බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Exit mobile version