Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හංගේරියාවේ අගමැති ලෙස වික්ටර් ඕර්බන් නැවතත් තේරී පත්වෙයි

හංගේරියාවේ අගමැති ලෙස වික්ටර් ඕර්බන් නැවතත් තේරී පත්වෙයි

හංගේරියාවේ අගමැති ලෙස වික්ටර් ඕර්බන් නැවතත් තේරී පත්වෙයි

හංගේරියාවේ අග්‍රාමාත්‍ය ධුරය සදහා එරට අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් නැවත වරක් තේරී පත්වුණා.

(03) එරට පැවති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පාලක පක්ෂයට 53% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. විපක්ෂයට හිමිව ඇත්තේ 35%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2010 වසරේ සිට වික්ටර් ඕර්බන් හංගේරියාගේ අග්‍රාමාත්‍ය ධුරය දරණ අතර මෙවර ඔහු ධුරය සදහා තේරී පත්වුණේ 4වන වරටයි.

ජයග්‍රහණයෙන් පසු ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන්කර සිටියේ තමන්ට විරුද්ධවාදීන් ලෙස සිටියේ කණ්ඩායම් කිහිපයක් පමණක් බවත් ඒ අතරට යුක්රේන ජනාධිපතිවරයා ද අයත්වන බවයි. කෙසේ වුවද යුක්රේන සරණාගතයින්ට ඇතුළුවීම සදහා හංගේරියාව ඉඩ ලබාදී තිබෙනවා.

Exit mobile version