Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ෆයිසර්(Pfizer) ලබා ගැනීමට අවස්ථාව

පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ෆයිසර්(Pfizer) ලබා ගැනීමට අවස්ථාව

පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ෆයිසර්(Pfizer) ලබා ගැනීමට අවස්ථාව

ෆයිසර් එන්නනතට විශේෂ කැමැත්තක් දක්වන අයට එම එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට අලුතින් අවස්ථාව සලසා දී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හදානි මහතා පැවැසීය.

දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලෙස පමණි. සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාවෙන් විශාල පහසුවක් ඇතිවනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි. සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී පමණ කල් ඉකුත්වීමට නියමිතය.

මෙරට සුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලබාගෙන ඇති සංඛ්‍යාව ලක්‍ෂ 76කි. මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට ඇති ජනතා උනන්දුව කොවිඩ් පැතිරීම පාලනය වීම හේතුවෙන් ඉතා විශාල ලෙස පහත වැටී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. කොවිඩ් එන්නත් ඕනෑ තරම් ඇතත් ඒවා ලබා ගැනීමට ජනතාව ඉදිරිපත් නොවන තත්වයක් ඇතැයි ඔවුහු සඳහන් කරති.

Exit mobile version