Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

69 ලක්‍ෂයට ද්‍රෝහි වී ජාතික ආණ්ඩුවකට පිඹුරුපත් සකස් කරනවා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

69 ලක්‍ෂයට ද්‍රෝහි වී ජාතික ආණ්ඩුවකට පිඹුරුපත් සකස් කරනවා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

69 ලක්‍ෂයට ද්‍රෝහි වී ජාතික ආණ්ඩුවකට පිඹුරුපත් සකස් කරනවා -දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර

සර්ව පාක්ෂික සමුළුව උපයෝගි කර ගෙන බෙදුම්වාදී, දේශද්‍රෝහී දේශපාලනඥයන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිඹුරුපත් සකස් කරමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළේය.

එම ජාතික ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බවත්, රිෂාද් බදියුදීන් බලශක්ති ඇමති වී මැදපෙරදිගින් ණයට ඉන්ධන ගෙනෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂගේ බෙදුම්වාදී සර්ව පාක්ෂික ආණ්ඩු උපක්‍රමය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා බලයට රැගෙන ආ හැටනව ලක්ෂයට ද්‍රෝහිවීමක් යැයිද හෙතෙම සඳහන් කළේය. ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව කරන බලපෑම් මත 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ කටයුතු ජාතික ආණ්ඩුව හරහා අනිවාර්යයෙන් සිදුවන බවද ඔහු කීය.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සඳහා වූ යෝජනාව බැසිල් රාජපක්ෂගේ උපක්‍රමයක් බව පෙන්වා දුන් වසන්ත බණ්ඩාර බැසිල් ප්‍රමුඛ ආණ්ඩුවට එල්ල වන දැඩි ජනතා අප්‍රසාදය සමනය කර ගැනීම එහි යටි අරමුණ බව අවධාරණය කළේය.

ආණ්ඩුව ගමන් කරමින් සිටින ගමන් මග නිවැරැදි කිරීම සඳහා පක්‍ෂ 11 සමගි සන්ධානය ඉදිරිපත් කළ ජනතාවාදී යෝජනා බාල්දු කරමින් බැසිල් රාජපක්ෂ ගසන ගැටවලට හසු නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට බැසිල් රාජපක්ෂ මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසාන බවද රුපියල අවප්‍රමාණය කිරීමට හදිසියේ කටයුතු කළේ එහි උපදෙස් අනුව බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

Exit mobile version