Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ තුන් වෙනි වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (08) දැනුම් දුන්නේය.

එසේම එම පනත් කෙටුම්පතේ 12 වෙනි වගන්තියේ 26(2) ඡේදය පවත්නා ස්වරූපයෙන් සලකන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනුකූල නොවනු ඇතැයිද දැනුම්දී ඇති බව කතානායකවරයා කිවේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති මතය ප්‍රකාශයට පත් කරමිනි.

Exit mobile version