Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් හදිසියේ ඇමරිකාවට යයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරි සති කිහිපය තුළ හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට සූදානම් වන බව අනාවරණය වේ.

මුදල් ඇමතිවරයා මෙම හදිසි සංචාරයේ යෙදීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග මෙරටට ණය ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටය.

රටේ විදේශ විනිමය සංචිත අතිශය අවධානම් කාරී ලෙස පහත වැටීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ක්‍රියා කිරීම නිසා දැඩි කොන්දේසිවලට යටත්වීමට සිදුවනු ඇති බව මේ වනවිට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ. කවර කොන්දේසි යටතේ හෝ ණය ගැනීමට අපේක්ෂා කළද අදාළ මූලික ගිවිසුම් සඳහා අවම වශයෙන් තව මාස තුනක්වත් ගතවනු ඇති බව එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

අප්‍රේල් මස ආරම්භයත් සමග වොශින්ටන් නගරයට ගොස් නිල වශයෙන් සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය මූලික පසුබිම මේ වනවිටද සකස් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වලින් හෙළි වේ.

Exit mobile version