Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික වටිනා සුඛෝපභෝගි මෝටර් රථ 4000ක් සමඟ ‘ෆෙලිසිටි ඒස්‘ නෞකාව ගිලී යයි

අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික වටිනා සුඛෝපභෝගි මෝටර් රථ 4000ක් සමඟ ‘ෆෙලිසිටි ඒස්‘ නෞකාව ගිලී යයි

අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික වටිනා සුඛෝපභෝගි මෝටර් රථ 4000ක් සමඟ ‘ෆෙලිසිටි ඒස්‘ නෞකාව ගිලී යයි

ජපානයට අයත් ‘ෆෙලිසිටි ඒස්‘ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව සුඛෝපභෝගි මෝටර් රථ හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්ලාන්තික් සාගර පතුලේ ගිලී ගියේය.

ලොව මිල අධිකම මෝටර් රථ වන පෝෂේ, බෙන්ට්ලි සහ ලැබ්බෝගිනි, අවුඩි ඇතුළු වාහන වර්ග රැසක් ඊට ඇතුළත් බව තොරතුරු හෙළිවී ඇත. සති දෙකක් පුරා ගිනි ගනිමින් තිබූ මේ නෞකාවේ සාමාජිකයන් 22 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ඉන් මුදා ගැනීමට මෙහෙයුම් නිලධාරීහු සමත් වූහ.

මේ භාණ්ඩ නෞකාව පෘතුගාලයේ අසෝරි දූපත් සමූහයට නාවික සැතපුම් 220ක් දුරින් අත්ලාන්තික් සයුරේ ගිලී ගිය බව එහි හිමිකරුවන් වන ජපාන සමාගම තහවුරු කර ඇත. නෞකාවේ ගින්න මැඬපැවැත්වීමට දැඩි උත්සාහයක නිරතව සිටි මෙහෙයුම් යාත්‍රා රැසක් තවදුරටත් එහි තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී.

ගිලුණු නෞකාවේ තිබූ සුඛෝපභෝගි මෝටර් රථවල සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික බවද වාර්තා වේ.

Exit mobile version