Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපන් යුද නෞකා දෙකක් නිල සංචාරයක

ජපන් යුද නෞකා දෙකක් නිල සංචාරයක

ජපන් යුද නෞකා දෙකක් නිල සංචාරයක

ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

කොළඹ වරායට සේන්දු වූ මයින්ස්වීපර් වර්ගයට ‘යුර්ගා’ නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර මයින්ස්වීපර් වර්ගයට අයත් ‘හරාඩෝ’ නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වේ.

මෙම යුද නෞකා ද්විත්වය පසුගිය පෙබරවාරි 28වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා පෙළ ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකා දෙක (03) කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.

Exit mobile version