Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්! මගේ හඬ නිහඬ කිරීම හීනයක්!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතගේ පිළියන්දල වෑවල පාරේ පිහිටි නිවසට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ,

“14 දා අලුයම 2ට පමණ මමත් බිරිඳත් දියණියත් නිදාගෙන සිටියෙ. එක්වරම විශාල ශබ්දයක් සමඟ අපිට ඇහැරුනා. පසුව බලද්දී දිගින් දිගටම නිවසේ ඉදිරි පසින් ශබ්ද කිහිපයක් ඇසුනා. ඒ සමගම ගල් ප්‍රහාර මගේ නිවස දෙසට එල්ල වන ආකාරයේ ශබ්ද කිහිපයකුත් ඇසුනා.ඒ වගේම වෙඩි ශබ්ද වැනි යම් ශබ්ද කිහිපයකුත් ඇසුනා.

හැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .
හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව භය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්, ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒක සිහිනයක්ම පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.”

 

එල්ල වූමැර ප්‍රවාරය පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. ඒ අනුව ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය, කැස්බෑව පොලීසිය හා පිළියන්දල පොලීසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි ඔහු පැවැසීය.

මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද ඔහුපැවැසීය. එසේම දුරකතන කුළුණුවාර්තා ලබා ගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවත් ඔහු පැවැසීය.

Exit mobile version