Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොසට ගොඩවුනු බන්දුලට කාන්තාවකගෙන් ප්‍රහාරයක් – බන්දුල වහාම මාරුවෙයි

කතරගම සතොස අලෙවිසැල වෙත (30)වන දින පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

“බොරුවට එනවා මෙතන බලන්න. හාල් තියෙනවද ? කියන දේවල් කරනවද ? මිනිස්සුන්ට කන්නත් නෑ” යනාදී වශයෙන් එම කාන්තාව අමාත්‍යවරයාගේ මුහුණටම බැනවැදී ඇත.

එහිදී බලවත් අපහසුතාවයට පත්වූ අමාත්‍යවරයා පවතින වාතාවරණය මත මේ ටිකවත් දෙන එක ගැන සතුටු වියයුතු බව පවසමින් එතැනින් වහාම පිටව ගොස් ඇති බව සඳහන්.

Exit mobile version