Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගජ මිතුරන්ට උදව් කරන්න ගිහින්, හොරකම වංචාවට ඉඩදීලා පාරිභෝගිකයා ලොකු අපහසුතාවකට පත් කරලා – ඉරාන් වික්‍රමරත්න

වර්තමානයේ රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් - ඉරාන්

වර්තමානයේ රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් - ඉරාන්

(26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා, මෙසේ කියා තිබේ.

“වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ වගේ ලොකු ප්‍රශ්නයකට මුහුණදීලා තිබෙන්නේ. දෙවනුව ගජ මිතුරන්ගේ සමාගම්වලට උදව් කරන්න ගිහින්, හොරකම වංචාවට ඉඩදීලා පාරිභෝගිකයා ලොකු අපහසුතාවකට පත් කරලා තිබෙනවා. ඒවගේම මිල පීඩනයකට පත් කරලා තිබෙනවා. වංචා ගොඩක් වෙලා තිබෙනවා. කෘෂිකර්මය ගත්තොත් වැරදුණ ප්‍රතිපත්තිය තමයි රසායනික පොහොර දවසින් නතර කිරීම. අපි සමගි ජන බලවේගය ලෙස මේක හරීයට අධ්‍යයනය කරලා තිබෙනවා.

පසුගිය රජය කිලෝ 50 පොහොර බෑගය රුපියල් 1500ට ලබා දුන්නා. අද ඒක රුපියල් 8000- 12,000ත් අතර තමයි වෙළෙඳ පොළේ තිබෙනවා නම් ගන්න වෙන්නේ. පළමුව මෙක ගොවියාට බලපානවා. දෙවනුව පාරිභෝගිකයාට බලපානවා. අපි දැක්කා රජය ප්‍රකාශයක් කරලා තිබෙනවා රුපියල් බිලියන 40ක් වන්දියක් ලෙස ලබා දෙනවා කියලා. අය වැය සම්මත කරගෙන මාසයක්වත් නැහැ.

කොහොමද එකපාරම අය වැයෙන් පිට මේ වගේ ප්‍රකාශ කරන්නේ? කොහෙන්ද මේ සල්ලි එන්නේ කියලා අපට අහන්න වෙනවා. අනිත් එක වන්දියක් ගෙවනවා නම් පිළිගැනීමක් තියෙනවා වරදක් සිදුවෙලා තිබෙනවා කියලා. වරදක් සිදුවෙලා තිබෙනවා නම් ඒකට කවුරුහරි වගකියන්න ඕන. ඒ අනුව කවුද වගකියන්නේ මේ රසායනික පොහොර තහනම් කරලා රටේ අස්වැන්න අඩු කළාට? මේ වන්දිය ගෙවන්නේ කාගේ මුදල්වලින්ද? මේක කාගෙවත් පෞද්ගලික මුදල් නෙවෙයි.

මේ මුදල ගොවියට විතරක් ගෙව්වත් පාරිභෝගිකයාට ඒක වාසියක් නැහැ. තව කතාවක් තියෙනවා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් විතර දැනටම පිටරට ඉඳලා ගෙනත් තිබෙනවා කියලා. අද රට තුළ විශ්වාසයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන්නේ. මේ රජය කියන දේවල් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රටේ දේශීය ව්‍යාපාරිකයන් විශ්වාස කරන්නෙත් නෑ, පාරිභෝගිකයා විශ්වාස කරන්නෙත් නෑ”

Exit mobile version