Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සඳහා වෙබ් අඩවියක්

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සඳහා වෙබ් අඩවියක්

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සඳහා වෙබ් අඩවියක්

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහාවන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව කටයුතු යොදා තිබේ.

එම වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම (18) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රි ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය. ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙන අතර, එම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව ලැබේ.

විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවේ. ඒ අනුව ආරම්භක පියවර යටතේ, ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවේ. ඒ අනුව සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස, SSW ජපන් (SSW Japan) මෙනුවට පිවිසීම මගින් ජපන් රැකියා තොරතුරු ලබාගැනීමට හැකිවේ. ජපානයේ සාත්තු සේවා හා ආහාර පිළිගැන්වීමේ සේවා රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත්වීම අනිවාර්ය වන අතර, කුසලතා පරික්ෂණයද සමත්වීම අවශ්‍ය වේ. මේ සම්බන්ධ සියළුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

පසුගිය වසර තුනක කාලය තුළ ජපානයේ රැකියා සඳහා පුද්ගලයින් 3440 දෙනෙකු පිටව ගොස් තිබේ.

වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන මංගල රන්දෙණිය හා මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන පී.ජී.ජී.එස් යාපා, එම්.ආර්.සී.බී.ඒකනායක, අයි. පතිනායක හා ජපන් තානාපති කාර්යාලයේ නිළධාරින් පිරිසක් එක්වී සිටියහ.

Exit mobile version