Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉලෙක්ට්‍රික් වාහනවලට ප්‍රමුඛතාව; රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට අවකාශ, ජාතිවාදෙට ඉඩ නෑ – ජනපති රාජාසන කතාව

ඉලෙක්ට්‍රික් වාහනවලට ප්‍රමුඛතාව; රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට අවකාශ, ජාතිවාදෙට ඉඩ නෑ - ජනපති රාජාසන කතාව

ඉලෙක්ට්‍රික් වාහනවලට ප්‍රමුඛතාව; රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට අවකාශ, ජාතිවාදෙට ඉඩ නෑ - ජනපති රාජාසන කතාව

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් විශේෂ රාජාසන කතාවක් පැවැත්වීමට (18) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවේදී සැසිය අරඹමින් කළ කථාවේදී වසර 05ක් තුළ නිශ්චිත වැඩ කොටසක් ඉටුකිරීමට ජනතාවට පොරොන්දු වුවද ගෝලීය වසංගතය හේතුවෙන් විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදු වූ බව කීය. කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යයට ප්‍රමුඛතාව දුන් බව කීය. මත්ද්‍රව්‍ය උවදුර දුරලීම, පාතාලය මර්දනය කළ බව කීය.

ශ්‍රී ලංකාව නිරතුරුවම ජාත්‍යන්තර නීතිවලට සහ සම්මුතීන්ට ගරු කරන නිසා තම පාලන කාලය මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල නොදුන් බව පැවසීය. ජාතිවාදය තමන් ප්‍රතික්ෂේප කරන බවත් වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීම බවත් පැවසූ ජනාධිපතිතුමා සංහිදියාව සුරකින බව ප්‍රකාශ කළේය.
තෝරගත් ක්ෂේත්‍රවල නව ආයෝජන ආකර්ශණය කර ගැනිමට ඉදිරි කාලයේ දී වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බවද කීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කිරීමට හා ඉහළ ප්‍රමිතියෙන් යුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රට තුළ ආරම්භ කිරීම සඳහා අවසර දිමට සංවාදයක් ගොඩනගන බවද ජනාධිපතිතුමා පැවසීය.

වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්න සැලසුම් කරන බවත් තෙල්වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන් නිසා එම ප්‍රමාණය අවම කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

Exit mobile version