Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝහල් පරිශ්‍රයක ළදරු හිස් කබල් 11ක් සොයාගැනේ! හෙළි වූ අභිරහස!

මුම්බායි නුවර වර්ධා පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් බිළිඳුන් 11 දෙනෙකුගේ හිස් කබල් සහ ඇටසැකිලි 54ක් සොයා ගැනීමේ සිද්ධිය දැඩි විමතියකට හේතු වී ඇත.

මෙම තත්ත්වය මත, අදාළ රෝහල් පරිශ්‍රයේ නීතිවිරෝධී ගබ්සා කිරීම් සිදු වූයේද යන්න සම්බන්ධයෙන් පොලිසිය දැඩි විමර්ශන සිදු කරමින් පවතී.

වර්ධා දිස්ත්‍රික්කයේ පදිංචි 13 හැවිරිදි දැරියක්ව පිරිමි දරුවෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙම සිද්ධියෙන් අදාළ දැරිය ගැබ් ගත් බව දැනගත් පිරිමි දරුවාගේ දෙමාපියන් එම දැරියව ගබ්සා කරන ලෙස එම දැරියගේ දෙමාපියන්ට තර්ජනය කර ඇත. මෙම තර්ජනයට බිය වූ දෙමාපියන් වර්ධා දිස්ත්‍රික්කයේ අර්වි තාලුකාවේ පිහිටි පෞද්ගලික රෝහලකදී දැරියට නීති විරෝධී ගබ්සාවක් සිදු කර ඇත.

මේ බව දැනගත් පොලීසිය පිරිමි දරුවාගේ දෙමාපියන්ව සහ නීති විරෝධී ලෙස ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාව ද අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව පොලීසිය එම රෝහල් පරිශ්‍රය තුළ සිදුකළ හදිසි වැටලීමක දී රෝහල් පරිශ්‍රයේ තිබී බිළිඳුන් 11ගේ හිස් කබල් සහ ඇටසැකිලි 54ක් සොයා ගත් සිද්ධිය දැඩි ආන්දෝලනයකට ලක් වී තිබේ.

මේ නිසා එම රෝහලේදී නීති විරෝධී ලෙස තවත් බොහෝ ගබ්සා කිරීම් සිදු වන්නට ඇතැයි සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය නඩු ගොනු කර දැඩි විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version