Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

CID අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජනේලයකින් පැන දිවි නසා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ රඳවාගෙන සිටියදී කාන්තාවක් පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව වාර්තා වන නවතම තොරතුරුවලට අනුව දැක්වෙන්නේ අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව (10)වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී ඇති බවයි.

එහි පැමිණිලි පාර්ශවය ලෙස රාජ්‍ය උකස් හා යෝජනා බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ 2017 දී ගොණු කර තිබුණු මෙම නඩුව සම්බන්ධයෙන් මේ වන විට වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් ප්‍රගතියක් නොපෙන්වන බවයි.

රු. ලක්ෂ 800ක පමණ මුදලක් අදාළ කාන්තාව සහ සහකාර සාමාන්‍යාධිකාරවරයා විසින් කූට ලේඛන ඉදිරිපත් කර ගිණුම් 49කට හර කර ඇති අතර ඒ සම්බන්ධයෙනුයි බැංකුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ.

නඩුව පවරා වසර පහකට ආසන්න කාලයක් ගතව ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බවට පැමිණිල්ලේ නීතිඥවරයා කරුණු දැක්වීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Exit mobile version