Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) බාරයේ තිබෙන තෙල් ටැංකි 14ක බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක් ලැබුණු පසුව ලංකා කනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 85ක්ම පවතින බවත් ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බවත් අමාත්‍යවරයා කීය.

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා IOC සමාගමට යි. මීට පෙර ලංකා IOC සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිතව තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 91ක් ඇතුළත්.

ඒ අතු‍රෙන් තවමත් තෙල් ටැංකි 75කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.

Exit mobile version