Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා – උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

රට තුළ දෛනිකව ප්‍රකාශයට පත් කරන කෝවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත්, ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ උත්සව සමයේ ආරම්භයත් සමගින් රටේ පවත්නා වත්මන් තත්වය පිළිබඳ අප කළ විමසුමේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා, “රට තුළ දෛනිකව ප්‍රකාශයට පත් කරන ආසාදිත ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වෙනවා.

ඒ අනුව ප්‍රසිද්ධ කරන සංඛ්‍යා දත්ත සාවද්‍ය ඒවා. වාර්තාවන මරණ සංඛ්‍යාව පිළිබඳ ද බරපතළ ගැටලු නිර්මාණය වෙමින් තිබෙනවා. කොහොම වුණත් වසංගත තත්වයෙන්ම මේ වනවිට කෝවිඩ් පැතිරෙමින් යනවා. පෙරේදා හඳුනාගත් බව කියන ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනා සමගින් හඳුනාගත් සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් ගණනද 07ක් දක්වා වර්ධනය වෙලා. ඒ අනුව කියන්න තියෙන හඳුනා නොගත් ඔමික්‍රෝන් ආසාදිතයද සිටිය හැකි බවයි. රටේ පවත්නා ආර්ථික තත්වය පිළිබඳ කරුණු සැලකිල්ලට ගෙන රට ලොක්ඩවුන් කිරීම අත්හැර දාලා මහජනතාවට රිසි සේ සැරිසරන්නට නීති ලිහිල් කර තිබුණත් මේ වනවිට නෙදර්ලන්තය මුළුමනින් ලොක්ඩවුන් කරලා අවසන්.

උත්සව සමයේ වුවත් ඉන්දියාවෙත් සියලු උත්සව තහනමට ලක් කර තිබෙනවා.කෙසේ නමුත් නව ප්‍රභේද තීව්‍ර වී රට අවාසනාවන්ත තැනකට තල්ලුවීමේ අවදානම සිත්හි දරාගෙන නත්තල සමරන්න කියන ඉල්ලීම අපි ජනතාවගෙන් කරනවා” යැයි පැවසීය.

Exit mobile version