Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද?

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමේදී කිසිවකුට හෝ කොමිස් මුදලක් ලැබුණා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම පොහොර නැව වෙනුවෙන් එක සත පහක් නොගෙවන බවටත් පොහොර නැවේ කිසිම දෙයක් නොගන්නා බවටත් මහින්දානන්ද අලූත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙයට පෙර පැවසූ නමුත් සිදුවී ඇත්තේ අනෙක් පැත්ත යැයිද හෙතෙම සඳහන් කළේය.

එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සිදුවීම ජාතික අපරාධයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සඳහා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවද ප්‍රකාශ කළේ‍ය.

Exit mobile version