Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තවමත් නිදැල්ලේ! – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් නිදැල්ලේ! අපට පේනවා නාටකයක් රඟපාන බව! – කාදිනල් හිමි පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවක් තමන්ට හැඟී යන බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාකාරීත්වයක් තවමත් දක්නට නොමැති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්, ඊයේ දින (12) ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.

“2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච ඒ මහා විනාශයට තාමත් හරියාකාර ක්‍රියාකාරීත්වයක් අපි දකින්නෙ නෑ. ඒක පිටිපස්සෙ හිටපු මහමොළකාරයො තාම නිදැල්ලෙ ඉන්නවා කියලා අපට හැඟෙනවා. ඒ අයගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නමින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නැහැ. නමුත් නාටකයක් රඟපාන බව අපට පේනවා.

මොනම පක්ෂයක වුණත් දේශපාලන බලවේගවලට, දේශපාලන නායකයින්ට අතකොළු වෙන්න අවශ්‍ය නෑ, අපේ උගන්වන දර්ශනය ඊට වඩා හුඟාක් ඉහළයි. ඔය එක දේශපාලන නායකයෙක්වත් ඒ තරම් උසස් නෑ”

Exit mobile version