හමුදා පාලනයක් කරන රටවල් ලොව කිසි තැනක දියුණු වී නැතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.
සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු නොවන බවද ඒ මහතා කියා සිටියි. රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.