Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2019 ජනාධිපතිවරණයේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටීමෙන් ආබාධිත වූ තරුණියක් රු.කෝටි 2ක වන්දි ඉල්ලයි

පසුගිය ජනාධිපතිවරණයේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටීමෙන් ආබාධිත වූ තරුණියක් රු.කෝටි 2ක වන්දි ඉල්ලා නඩු පවරයි

පසුගිය ජනාධිපතිවරණයේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටීමෙන් ආබාධිත වූ තරුණියක් රු.කෝටි 2ක වන්දි ඉල්ලා නඩු පවරයි

පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහරගම නගරයේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටීමෙන් ආබාධිත වූ තරුණියක් රුපියල් කෝටි 2ක වන්දි ඉල්ලා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

හයිලෙවල් මාර්ගය හරහා මහරගම නගරයේ ඉදිකර තිබූ එම තොරණ 2019 සැප්තැම්බර් 08 වෙනි දින කඩා වැටීමෙන් එම මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි සුලාරි ලක්මිණි තරුණිය අනතුරට පත්විය. ඉන්පසුව බරපතල ශල්‍යකර්ම ගණනාවක් සිදුකර ඇති අතර මාස 6කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දුන්නද ඇය මේ වන විට සදාකාලික ආබාධිත තත්වයට පත්ව සිටී.

මහරගම නගර සභාවෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් නොගෙන නීති විරෝධිව මෙම තොරණ ඉදිකර තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර විසිනි. මේ නිසා ඔහුගෙන් රුපියල් කෝටි 2ක වන්දි මුදලක් ලබා දෙන ලෙස නීති ආධාර කොමිසමේ මහරගම ශාඛාවේ නීතීඥ ඉනෝකා ආරියරත්න මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Exit mobile version