Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුර්කි – කටාර් සමුළුවට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම්

තුර්කි - කටාර් සමුළුවට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 12 කට අත්සන් තබයි

තුර්කි - කටාර් සමුළුවට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 12 කට අත්සන් තබයි

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී නියෝජනය කරමින්, දෙරටේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවක් පැවැත්විණි. ඒ, තුර්කි කටාර් සමුළුවට සමගාමීවය. හමුව පැවැත්වූයේ කටාර්හි දෝහා අගනුවරය.

කටාර් විදේශ අමාත් ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී සහ තුර්කි විදේශ අමාත්‍ය මෙවුලුත් කවුසෝග්ලු එම හමුවේ දී දෙරටට ඉතාමත් වැදගත් වන ආකාරයේ අවබෝධතා ගිවිසුම් 12 කට අත්සන් තැබූහ.

ඊට අමතරව, ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා පිටවී යෑමෙන් පසු අස්ථාවර වූ ඇෆ්ගනිස්තානය ස්ථාවර කිරීමට, තමන් තුර්කිය හවුල් කර ගන්නා බව කටාර් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා පැවැසීය. කටාර් විදේශ ඇමැතිවරයා මෙසේ පැවැසුවේ තුර්කි විදේශ ඇමැති මෙවුලුත් කවුසෝග්ලු සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

තුර්කිය නේටෝ රාජ්‍යයකි. ඇමෙරිකාව ඇතුළු සෙසු නේටෝ සාමාජික රටවල් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, තුර්කිය ප්‍රකාශ කළේ තලේබාන්වරුන්ගේ විරෝධයක් නැතිනම්, ඇෆ්ගන් කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පරිපාලන කටයුතු සහ ආරක්ෂක කටයුතු පවරා ගැනීමට තමන් සූදානම් බවය.

ඇමෙරිකාව සහ තලේබාන්වරුන් සාකච්ඡා පවත්වද්දීත්, ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දීත්, එම කටයුතු සිදුවුයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. ඇමෙරිකාවත් තලේබාන් සංවිධානයත් අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේද දෝහා කටාර්හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය.

Exit mobile version