Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහාචාර්ය විමල් දිසානායක මහතාට ආසියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සම්මානයක්

මහාචාර්ය විමල් දිසානායක මහතාට ආසියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සම්මානයක්

මහාචාර්ය විමල් දිසානායක මහතාට ආසියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සම්මානයක්

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට ආසියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සම්මානයක් හිමි වී තිබේ.

ආසියානු මාධ්‍ය තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය (Asian Media Information and Communication Centre – AMIC) විසින් පිරිනමන ලද මෙම සුවිශේෂී සම්මානය හිමි වූයේ, මහාචාර්ය විමල් දිසානායක මහතාටය.

ආසියානු සිනමාව, මාධ්‍ය සහ සංස්කෘතිය වෙනුවෙන් ඔහු සිය පර්යේෂණ සහ ග්‍රන්ථ හරහා කරන ලද අනගි මෙහෙය සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය පිරිනැමූ බව ආසියානු මාධ්‍ය තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහාචාර්ය විමල් දිසානායක මහතා ආසියානු කලාපයේ සිනමාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් කළ විද්වතෙකි.

ලංකා විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගත් ඔහු, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ත් හිමි කර ගත්තේය.

මහාචාර්ය විමල් දිසානායක මහතා ආසියාවේ පමණක් නොව ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වූ පර්යේෂකයෙකි.

Communication Theory The Asian Perspective (Editor, 1988, 2021), Continuity and Change in Communication Systems (1984), The Role of News Media in National and International Conflict (1984) ආදී පර්යේෂණ කෘති රැසක් ඔහු විසින් රචනා කරනු ලැබ තිබේ.

Ashes of Time (2003), Sholay, A Cultural Reading (1992), Self and Colonial Desire: Travel Writing of V.S. Naipal (1993), Raj Kapoors Films: Harmony of Discourses (1988) ආදී කෘතිවලින් ඔහු ලෝකයේ සම්භාවනාවට පාත්‍ර විය.

ඔහු විශිෂ්ට කවියෙකු ලෙසද අගැයීමට ලක්වූ අතර සිංහල බසින් ඔහු පළ කළ පද්‍ය සංග්‍රහ කිහිපයක් සම්මානයටද පාත්‍ර විය.

Exit mobile version