Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්න” – පකිස්තාන ආණ්ඩුවට එරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

"මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්න" - පකිස්තාන ආණ්ඩුවට එරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

"මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්න" - පකිස්තාන ආණ්ඩුවට එරට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

මිනිස්සුන්ට සතුන්සේ මියයාමට ඉඩ නොතබන්නැයි පකිස්තාන ශ්‍රෙෂ්ඨාධිකරණය එරට ආණ්ඩුවට අවධාරණය කර තිබෙනවා.

පකිස්තානයේ අගවිනිසුරු ගුල්සාර් අහමඩ් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය සිදුකර ඇත්තේ එර⁣ට තර්පර්කාර් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවල තත්වය පිළිබද පැවති පෙත්සම් විභාගයකදීයි.

රටේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තර්පර්කාර් දිස්ත්‍රික්කයට සෞඛ්‍ය පහසුකම් නොලැබෙන බවටයි අදාළ පෙත්සම මගින් කරැණු දක්වා තිබුණේ.

එහිදී සෞඛ්‍ය පහසුකම් නොලැබීම සහ මන්දපෝෂණය නිසා දරැවන් දෙදෙනකු මියයාම පිළිබදව කරැණු ඉදිරිපත් කෙරැණා.

පෙත්සම් විභාගයේදී අනාවරණය වූයේ එම දිස්ත්‍රික්කයේ රෝහල් සේවකයන්, ඖෂධ ආදිය නොමැති හිස් ශාලා බවට පත්ව ඒවායේ සතුන් ලගින තත්වයක් මතුව ඇති බවයි.

මෙම තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් මිනිස්සුන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් සැපයීම සියලු දෙනාට සමානව ලබාදීම ආණ්ඩුවක වගකීම බවත් පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී සදහන් කර තිබෙනවා.

Exit mobile version