Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ගෞතම් අදානි

ඇ.ඩොලර් බිලියන 155.7ක වත්කමක් සතු අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට

ඇ.ඩොලර් බිලියන 155.7ක වත්කමක් සතු අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට

ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ මුකේෂ් අම්බානි අභිබවමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එය සියයට එක්දහස් අටසිය අටක වර්ධනයක් බවයි පැවසෙන්නේ. මෙම වර්ධනය මාස 20ක් වැනි කාලයක් තුළ සිදුවූවක් බවද සදහන්. එම කාලය තුළ මුකේෂ් අම්බානිගේ වත්කම් ඉහළ ගොස් ඇත්තේ සියයට 250කින් බව හෙළිව තිබෙනවා. සෞදි අරාබියේ ඇරම්කෝ ඛනිජ තෙල් සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අත්හැරීමත් සමග මුකේෂ් අම්බානිගේ ව්‍යාපාර සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණු බව ද පැවසෙනවා.

අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙදපොළ තුළ හුවමාරු වු අතර අදානි පෝට්ස් කොටස් මිල ද සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේද අදානි පෝට්ස් සමාගම විසින්.

Exit mobile version