Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට, විපක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් – අගමැති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා; විපක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් - අගමැති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා; විපක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් - අගමැති

රටේ ආර්ථිකය ගොඩනැංවීමට එකතු වන්නැයි තමා තරුණ තරුණියන්ට ආරාධනයක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී (23) පැවැසීය.

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ඇප කැපවී සිටින බව පැවසු අගමැතිවරයා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිසි වෙලාවට නිසි ආකාරයට තීන්දු ගත් බව සියලු දෙනාට මතක් කර සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභාවේ අවස්ථාවේ විවාදයේ පළමු කතාව පවත්වමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරගෙන යන බවත් එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය. ඒ සම්බන්ධයෙන් රහසිගතව කිසිම කටයුත්තක් නොකරන බවද ඔහු කීවේය.

කොවිඩ් වසංගතය නිසා රටේ ව්‍යාපාර රැසක් කඩා වැටී ඇති බවත් රජයේ මේ අවස්ථාවේදී ආර්ථිකය ගොඩ නැගීමට උපරිම උත්සහ දරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මුදල් අමැතිවරයා කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රමෝපායන් සහිත අයවැයක් ඉදිරිපත් කළේ මේ අර්බුද ජය ගැනීමට බවද ඔහු කීවේය.

මේ රජය 2019 වර්ෂයේදී බාරගත්තේ කඩා වැටුණු ආර්ථිකයක් බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එම කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබීමට අවශ්‍ය කෙරෙන ශක්තිය මේ අයවැය යෝජනාවේ තිබෙන බවද සඳහන් කළේය.

විරුද්ධ පක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් බවත් රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා සාමූහිකව තීන්දු ගත යුතු බවත් ඔහු පැවසුවේය. ඒ වගකීම ඉටුකිරීමට මේ උත්තරීතර සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙන බවද අගමැතිවරයා පැවසීය.

විපක්ෂයේ සමහර විවේචන අසාධාරණ බව පැවසූ රාජපක්ෂ මහතා සාධාරණ විවේචන බාර ගැන වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

Exit mobile version