Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගෙන් මිලියන 3.2කට මන්දපෝෂණය; ජනගහනයෙන් 20%ක් ළමා ශ්‍රමිකයින් – UNICEF

ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගෙන් මිලියන 3.2කට මන්දපෝෂණය; ජනගහනයෙන් 20%ක් ළමා ශ්‍රමිකයින් - UNICEF

ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගෙන් මිලියන 3.2කට මන්දපෝෂණය; ජනගහනයෙන් 20%ක් ළමා ශ්‍රමිකයින් - UNICEF

ඇෆ්ගනිස්ථාන වැසියන් මුහුණ දී සිටින අධික දරිද්‍රතාව එරට ළමා ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ දැමීමට හේතු වී ඇති බව යුනිසෙෆ් සංවිධානය සඳහන් කරනවා.

දශක දෙකක් පුරා ඇෆ්ගනිස්ථානය මුහුණ දුන් යුද ගැටුම් හා තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට එරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. අධික දරිද්‍රතාව හා සාගතය කුඩා දරුවන් පවා ශ්‍රමිකයින් බවට පත් කර ඇති බවයි යුනිසෙෆ් සංවිධානය සඳහන් කරන්නේ. එරට ළමා ජනගහනයෙන් 20%ක ප්‍රතිශතයක් ළමා ශ්‍රමිකයින් බව එම සංවිධානය තවදුරටත් පවසනවා. තම පවුලට අවශ්‍ය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට දෙමව්පියන්ට උදව් කිරීමටයි ඇෆ්ගනිස්ථාන බොහෝ දරුවන්ට සිදුව ඇත්තේ.

ඇෆ්ගනිස්ථාන දරුවන් මිලියන 10කට පමණ හැකි ඉක්මනින් මානුෂීය ආධාර ලබා දිය යුතු තත්ත්වයක් උද්ගතව ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම එරට දරුවන්ගෙන් මිලියන 3.2ක් මන්දපෝෂණයෙන් පෙලෙන අතර තවත් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් මන්දපෝෂණය හේතුවෙන් මිය යමින් සිටින බවයි එම සංවිධානය පවසන්නේ.

Exit mobile version