Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීම අමූලික බොරුවක්; මඩ ගහන්න කරපු වැඩක් – සරත් ෆොන්සේකා

ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

ෆොන්සේකා ගැන සජබයට වාරණ නියෝගයක්

මිලේනියම්සිටි බුද්ධි අංශ පාවාදීම අමූලික බොරුවක් බවත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ වැඩක් රජයක් පිට දමා කළ මඩ ගැසීමක් බවත් සමගි ජනබලවේග මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී (19) පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද කීවේය.
“මිලේනියම්සිටි සිද්ධිය වනවිට මම යාපනයේ හිටියේ. කොළඹ තිබුණේ සේෆ් හවුස් එකක්. දිග දුර විහිදුම් අවි ආයුධ තිබුණා කිව්වා. ඒක අමූලික බොරුවක්. හමුදාවේ බුද්ධි අංශ කවදාවත් දිග දුර මෙහෙයුම් කළේ නෑ. කොළඹට ආර්. පී. ජී, ක්ලේමෝ බෝම්බ ගේන්න අවශ්‍ය නෑ. ඒවා කළේ විශේෂ බළකාය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් කරපු වැඩක්. රජය පිටින් දාලා මඩ ගහන්න කරපු වැඩක්. රණවිරු පාවාදීම් කියලා බොරු කළා”.

Exit mobile version