Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුතුරාජවෙල ජාත්‍යන්තර සහ පෞද්ගලික සමාගම්වලට ලබා දීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – කාවින්ද ජයවර්ධන

මුතුරාජවෙල අවුල විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

මුතුරාජවෙල අවුල විසඳීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්

මුතුරාජවෙල තෙත් බිම සහ පෑලියගොඩ සිට මීගමුව දක්වා ඉඩම් රජයට පවරා ගැනීමේ සූදානමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසිනි.

පෙත්සම ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ, ඉඩම් කොල්ලයක් හරහා ආර්ථිකය විනාශ කිරීම මහා කුමන්ත්‍රණයක් දියත් වන බවය. පෝට්සිටි ව්‍යාපෘතියේ දිගුවක් ලෙස මුතුරාජවෙල ජාත්‍යන්තර සහ පෞද්ගලික සමාගම්වලට ලබා දීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර, “සඳුදා විශාල ජන කොට්ඨාසයක් ඒකරාශී කරමින් ආණ්ඩුවට ඇහෙන්නේ නැත්නම් ආණ්ඩුවට ඇහෙන්න ඕන විදිහෙ විශාල උද්ඝෝෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතා පෙළ ගැස්වීම කාදිනල් උන්නාන්සේගේත් ආශිර්වාදය එක්ක මේ සම්බන්ධයෙන් ජනතාව පෙළ ගස්වන්න දිවි හිමියෙන් කැප වෙනවා,” යනුවෙන් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Exit mobile version