Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තමිල්නාඩුවේ සිටින ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස 3,510ක් ඉදිකිරීමට ඇමති ස්ටාලින් මුල්ගල තබයි

තමිල්නාඩු අනාථ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් නිවාස 3,510ක් ඉදිකිරීම සඳහා තමිල්නාඩු මහ ඇමති ස්ටාලින් මහතා වේලුර් දිස්‌ත්‍රික්‌කයේ ඉහළ මෝනවූර් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා සඳහා රුපියල් කෝටි 142 ක වියදමින් නිවාස 3,510 ක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විණි.

මේ අවස්ථාවේදී උත්සව සභාව ඇමතූ ස්ටාලින් මහතා,

ද්‍රවිඩ මුන්නේට්‍ර කලගම් පක්ෂය (DMK) බලයට පැමිණි සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හඬ නඟන පක්ෂය නම් එය ඩී.එම්.කේ. පක්ෂයයි. පසුගිය වසර 10 ක් තිස්සේ අන්නා ද්‍රවිඩ මුන්නේට්‍ර කලහ රජය ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කිසිදු සැලසුමක් සකස් කළේ නැත.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජනයාගේ සුබසාධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අනාථ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම් ප්‍රාන්ත ආණ්ඩුව විසින් දරණ බව ද ඔහු පැවසීය.

ද්‍රවිඩයන් කුමන රටක වාසය කළත් එක මවකගේ දරුවන් බවත්, අප සැවොම ද්‍රවිඩ ජන වර්ගයට අයත් අය බවත්, අපව වෙන් කර තිබෙන්නේ සාගරයෙන් බවත් පැවසූ තමිල්නාඩු මහ ඇමතිවරයා, ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා සඳහා වූ සුභ සාධන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවත්, ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා අසරණයන් නොවන බවත් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම D.M.K පක්ෂය ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා වෙනුවෙන් සැමදාම පෙනී සිටින බවත් M.K. ස්ටාලින් මහතා මේ අවස්ථාවේදී කියා සිටියේය.

Exit mobile version