Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 5කට පසු ඊජිප්තු හදිසි තත්ත්වය ඉවතට

වසර 5කට පසු ඊජිප්තු හදිසි තත්ත්වය ඉවතට

වසර 5කට පසු ඊජිප්තු හදිසි තත්ත්වය ඉවතට

වසර 5කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට ජනාධිපති පියවර ගෙන තිබෙනවා.

2017 වසරේ අප්‍රේල් මාසයේදී ඊජිප්තුවේ දේවස්ථාන ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් හදිසි නීතිය පැනවූවා. වසර 5 කට ආසන්න කාලයකට පසු ඊජිප්තුවේ හදිසි තත්ත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අබ්දෙල් ෆටාහ් අල් සිසි හට ජාත්‍යන්තරයෙන් පැසසුම් හිමිව තිබෙනවා. මානව හිමිකම් සංවිධානද ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. හදිසි තත්ත්වය ඉවත් කිරීමත් සමඟ ඊජිප්තුව සංචාරකයින්ට ආරක්ෂිත මනාන්තයක් බවට තහවුරු වන බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.

Exit mobile version