Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ලංකාවේ සංචාරයක

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා (25) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිත බවයි “ද හින්දු” පුවත්පත වාර්තා කර ඇත්තේ.

ඊට අමතරව ගෞතම් අදානි මහතා මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිත බවත් එම පුවත් වාර්තාවේ සඳහන්.

අදානි සමූහ ව්‍යාපාරය මීට පෙර නිවේදනය කළ ආකාරය අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා අදානි ගෲප් සමග පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ගිවිසුමකට අත්සන් තැබූ අතර ඒ හරහා බටහිර පර්යන්තයේ 51% ක කොටස් අදානි සමාගමට හිමි වේ.

අත්සන් කර ඇති ගිවිසුම හරහා වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් ඒකාබද්ධ සමාගමක් ආරම්භ කර ඒ හරහා බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

අදානි සමාගම සහ වරාය අධිකාරියට අමතරව මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමාගමද සම්බන්ධ‍ වේ. ඔවුන්ට 15% ක කොටස් හිමිවන අතර ඒ අනුව වරාය අධිකාරියට ඉතිරි වන්නේ 34% ක කොටස් හිමිකාරීත්වයක් පමණි.

Exit mobile version