Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුුගදනවි ගිවිසුමේ කොපියක් ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් මුදල් අමාත්‍යාංශයට

යුුගදනවි ගිවිසුමේ කොපියක් ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් මුදල් අමාත්‍යාංශයට

යුුගදනවි ගිවිසුමේ කොපියක් ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් මුදල් අමාත්‍යාංශයට

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා යුුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වන ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් (14) ලිඛිත ඉල්ලීමක් කළේය.

යුුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව්ෆොට්‍රස් සමාගමට පැවරීම සම්බන්දයෙන් වන සිය තොරතුරු ඇතුලත් ගිවිසුමේ පිටපතක් ලබාදෙන ලෙසට එහිදී මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු සදහන් කලේය.

අදාල ගිවිසුමේ තොරතුරු සහ එයට අදාල ලේඛන දින 14ක් තුළ තමන් වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියෙකු තමන් වෙත දැනුම් දුන් බවත් ඔහු කියා සිටියේය.

Exit mobile version