Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙන්යාවට ගිය නාමල් රහසේම මාලදිවයිනට ගියේ ඇයි?

කෙන්යාවේ නිල සංචාරයක් සදහා පිටත්ව ගිය නාමල් රාජපක්ෂ ඇමැතිවරයා නැවත ලංකාවට එන අතරවාරයේදී මාලදිවයිනටද ගොස් ඇති බව අනාවරණය වේ.

මාලදිවයිනේ ජනාධිපති ඊබ‍්‍රහිම් මොහොමඩ් හමුවී ඇති බව වාර්තාවේ. ඊට අමතරව ඔහු හමුවූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වන්නේ නැත.

කෙන්යාව බලා පිටත්ව යාම සම්බන්ධයෙන් නාමල් රාපක්ෂ ඇමැතිවරයා මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන්ටම වෙන්වූ ගුවන් යානයකින් කෙන්යාව බලා පිටත්ව නොගිය බවය.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කෙන්යාවට රැගෙන යාම සදහා විශාල මැදිහත්වීමක් කර ඇත්තේ එක්තරා ව්‍යාපාරිකයෙක් බව මේ වන විට අනාවරණය වී ඇත.

Exit mobile version