Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) වඳ කොත්තු, වඳ යට ඇඳුම් නැවතත් කරලියට ඇවිල්ලා – හරිනි අමරසූරිය

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා එළිපිටම භාවිතා කළ ජාතිවාදය යළිත් කරලියට ගැනීමේ සූදානමක් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

පාස්කු ප්‍රහාරයෙන් ඇති වූ සමාජ කැළඹීම, තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් සෘජුවම යොදාගත් වත්මන් පාලකයන් විවිධ ජාතිවාදී කණ්ඩායම් භාවිතා කර ජාතිවාදය අවුස්සමින් වඳ කොත්තු, වඳ යට ඇඳුම් පිළිබඳව මවා පෑ බිල්ලන් යළිත් ඇති කරමින් සිටින බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කිරීම පසෙක තබා, වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා සිටින, අරගල කරන පුද්ගලයන්, ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පෙන්වා දෙන හරිනි අමරසූරිය මහත්මිය පවසන්නේ සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පවා ආණ්ඩුව කලබලයට පත්ව සිටින බවයි.

යළි හිස ඔසවන ජාතිවාදය පරාජය කළ හැක්කේ ජනතාවට බවත්, ඒ සඳහා බෙදී වෙන් වී සටන් කිරීම වෙනුවට සියලු දෙනාම එකතු වී ඇත්ත ප්‍රශ්නයට මුහුණ දිය යුතු බවත් අමරසූරිය මහත්මිය සඳහන් කරනවා.

Exit mobile version